මෙඩිබෑන්ක් පාරිභෝගිකයන් 480,000 කට කෙලින්ම කියයි

පුද්ගලික දත්ත පැහැර ගැනීමට ලක්වූ පාරිභෝගිකයන් 480,000 ක් වෙත සෘජුවම ඒ බව දැනුම් දීමට මෙඩිබෑන්ක් විසින් තීරණය කර තිබෙනවා.

අද පැවති සමාගමේ වාර්ෂික මහ සමුලුව අමතමින් මෙඩිබෑන්ක් ප්‍රධාන විධායක නිලධාරිවරයා සඳහන් කලේ ලිඛිතව ඔවුන්ට ඒ බව දැනුම්දීමට නියමිත බවයි.

ලක්ෂ 97 කට ආසන්න පාරිභෝගිකයන් පිරිසකගේ පුද්ගලික දත්ත වෙත අනවසර පිවිසීමක් සිදුව ඇතැයි පසුගියදා වාර්තා වුණා.

එයින් නිශ්චිතවම දත්ත සොරාගෙන ඇතැයි තහවුරු කරගත් පුද්ගලයන් වෙත ඒ බව දනුම්දීමටයි මෙඩිබෑන්ක් විසින් මෙම පියවර ගෙන ඇත්තේ.

දැනටමත් අන්තර්ජාලයට මුදාහැර ඇති දත්ත අයත් පාරිභෝගිකයන් වෙත එහිදී ප්‍රමුඛතාවය හිමිවීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »