දරුවෙකුගේ රෝගයකට ඔස්ටේ්‍රලියාවෙන් පවුලක් පිටුවහල්

දරුවෙකුගේ රෝගී තත්වයක් හේතුවෙන් දකුණු කොරියානු පවුලක් ඔස්ටේ්‍රලියාවෙන් පිටුවහල් වීමේ අවධානමකට ලක්වී තිබෙනවා.

මෙම පවුලේ සිටින 07 හැවිරිදි පිරිමි දරුවා ඔටිසම් රෝගී තත්වයෙන් පෙළෙන අතර ඔහු බදු ගෙවන්නන්ට බරක් වනු ඇති බවට නිගමනය කර ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ගේ ස්ථිර පදිංචි වීසා අයදුම්පත් ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

අදාළ මව සහ පියා සිය දියණියද සමග ඔස්ටේ්‍රලියාවට පැමිණ තිබුණේ මීට වසර 10 කට ඉහතදීයි.

ඔවුන් බ්‍රිස්බන් හි පදිංචි වී ඇති අතර 2016 දී පිරිමි දරුවෙකු උපත ලබා තිබුණා.

එම දරුවා ඔටිසම් රෝගී තත්වයෙන් පෙළෙන බවට තහවුරු කරගෙන ඇත්තේ ඔහුට අවුරුදු 03 ක් ගතවන විටයි.

ඔවුන් Cairns නගරයේ අවන්හලක් පවත්වාගෙන ගොස් ඇති අතර Skilled Visa අයදුම් කර ඇති නමුත් එය ප්‍රතික්ෂේප වී ඇත්තේ පිරිමි දරුවාගේ රෝගී තත්වය පදනම් කරගෙනයි.

මෙම දකුණු කොරියානු පවුලට ස්ථිර වීසා ලබාදෙන්නැයි ඉල්ලා ඔන්ලයින් පෙත්සමකට අත්සන් තැබීමද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් වෙත ගැටලුව යොමු කිරීමටද සූදානමක් පවතින බව සඳහන්.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »