Search

වසර 06 කට පසු චීන – ඔස්ටේ්‍රලියා නායක හමුවක්

වසර 06 කට පසු චීන – ඔස්ටේ්‍රලියා නායක හමුවක් අද පැවැත්වුණා.

බාලි නුවර පැවැත්වෙන ජී20 රාජ්‍ය නායක සමුලුවට සමගාමීවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සහ චීන ජනාධිපති ෂී ජිංපිං අතර මෙම සාකච්ඡාව ඇරඹුණේ.

චීන ජනාධිපති ෂී ජිංපිං සමග අවසන් වරට නිල සාකච්ඡාවක් පවත්වා තිබූ ඔස්ටේ්‍රලියානු අගමැතිවරයා වූයේ 2016 වසරේදී එවක අගමැති ලෙස කටයුතු කල මැල්කම් ටර්න්බුල් ය.

දෙරට අතර යම්තාක් දුරකට පලුදුවී ඇති වෙළඳ සබඳතා නැවත ශක්තිමත් කරගත හැකි ආකාරය පිළිබඳවයි මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කර ඇත්තේ.

අගමැති ඇල්බනීස් ඊයේ දිනයේදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සමගද සාකච්ඡා කර තිබුණා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »