වික්ටෝරියා හා NSW පරදා ක්වීන්ස්ලන්ඩ් පෙරමුණට

ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම පිරිසක් සංක්‍රමණය වූ ප්‍රාන්තය බවට නිවු සවුත් වේල්ස් හා වික්ටෝරියා අභිබවා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පත්වී තිබෙනවා.

2016 – 2021 කාලසීමාවට අදාළ දත්ත සහ තොරතුරු ආශ්‍රයෙනුයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය මේ බව අනාවරණ කර ඇත්තේ.

අදාළ වසර 05 තුළදී මෙරට වෙනත් ප්‍රාන්තවලින් ක්වීන්ස්ලන්ඩ් වෙත පැමිණ ඇති පිරිස 107,549 ක්.

ටස්මේනියා ප්‍රාන්තය දෙවැනි ස්ථානයට පත්වී තිබෙනවා.

අන්තර් ප්‍රාන්ත සංක්‍රමණ සළකා බැලීමේදී වැඩිම පිරිසක් පිටත්වගොස් ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර එය 102,227 ක්.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙම කාල සීමාව තුළ 9,491 ක පිරිසක් වෙනත් ප්‍රාන්තවලට සංක්‍රමණය වි තිබෙනවා.

පසුගිය වසර පහ තුළ ඔස්ටේ්‍රලියා ජනගහනයෙන් සෑම දස දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් වෙනත් ප්‍රාන්තයකට සංක්‍රමණය වී ඇති අතර 53% ක් වාසස්ථානය වෙනස් කර නොමැතිවීමද විශේෂත්වයක්.

සංක්‍රමණය කළ පිරිසෙන් බහුතරයක් එනම් 87% ක් තමා සිටි ප්‍රාන්තය තුළම වෙනත් ප්‍රදේශයක පදිංචි වී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කලේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »