මෙඩිබෑන්ක් සේවකයන් 900 කගේ පුද්ගලික තොරතුරුද හෙළිකෙරේ

මෙඩිබෑන්ක් වත්මන් සහ හිටපු සේවකයන් 900 කට ආසන්න පිරිසකගේ පුද්ගලික තොරතුරුද සයිබර් ප්‍රහාරකයන් විසින් සොරාගෙන තිබෙනවා.

ඔවුන්ගේ පුද්ගලික දුරකථන අංක සහ ඊ-මේල් ලිපින වැනි අතිශය සංවේදී තොරතුරුද මෙහිදී පැහැරගෙන ඇති බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

අදාළ සේවකයන්ට මෙඩිබෑන්ක් විසින් දන්වා ඇත්තේ වහාම දුරකථන අංක වෙනස් කරන ලෙසයි.

එමෙන්ම සයිබර් ප්‍රහාරයට ගොදුරු නොවූ සේවකයන්ගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කරගැනීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් අවධාරණය කරනවා.

ඉල්ලා සිටි ඩොලර් මිලියන 15 ක කප්පම් මුදල ගෙවීම මෙඩිබෑන්ක් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි සයිබර් ප්‍රහාරකයන් විසින් දින 05 ක සිට දෛනිකව පුද්ගලික තොරතුරු අනාවරණ කරමින් සිටින්නේ.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »