
කොවිඩ් මර්දනයේදී 03 වන සහ 04 වන මාත්‍රා ලෙස ඔස්ටේ්‍රලියානු වැඩිහිටියන් වෙනුවෙන් යොදා ගැනීම සඳහා තවත් එන්නතක් අනුමත කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලේ ෆයිසර් ආයතනය විසින් නිපදවන එන්නත සඳහා ප්‍රතිශක්තීකරණය සඳහා වන ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම හෙවත් ATAGI විසින් අවසර දී ඇති බවයි.
දෙසැම්බර් 12 වනදා සිට එය භාවිතයට ගැනෙන අතර වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකු වෙනුවෙන් එය යොදා ගත හැකියි.

ඔමික්‍රොන් ප්‍රභේදය සඳහාම විශේෂ කොට නිර්මාණය කරන ලද දෙවන එන්නත මෙය වන අතර දැනට මෙරටදී එලෙස භාවිත කරනුයේ මොඩර්නා පමණයි.
ඉදිරි සති 02 තුළදී එම එන්නතෙන් මාත්‍රා මිලියන 4.7 ක් රටට ගෙන්වා ගැනීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 55 ක් පමණ තවමත් බූස්ටර් මාත්‍රාවක් ගෙන නොමැති අතර ගතවු සති 02 තුළදී කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාවද සියයට 47 කින් ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර වයස මාස 06 සිට අවුරුදු 05 දක්වා වන ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත ළමුන් සඳහා ෆයිසර් එන්නත භාවිතයට ගැනීමටද ATAGI විසින් අවසර දී තිබෙනවා.
එය ක්‍රියාත්මක වන්නේ ලබන ජනවාරි මාසයේ සිටයි.