පළමු දිනයේදීම වික්ටෝරියානුවන් වාර්තාගත පිරිසක් ඡන්දය දෙයි

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ කල පළමු දිනයේදීම වාර්තාගත පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ දිනයේදී පූර්ව ඡන්දය ප්‍රකාශ කල පිරිස 115,065 ක්.

කෙසේවෙතත් 2018 වසරේ පැවති වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී පූර්ව ඡන්ද ප්‍රකාශ කල පළමු දිනයේදී ඡන්දය භාවිත කර තිබුණේ 75,612 ක පිරිසක් පමණයි.

ඒ අනුව මෙවර පළමු දිනයේදීම ඡන්දය භාවිත කල සංඛ්‍යාව පසුගිය වර මැතිවරණයට වඩා සියයට 52 කින් ඉහළයාමක් ලෙසයි වාර්තා වන්නේ.

මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා මිලියන 4.4 කට ආසන්න පිරිසක් සුදුසුකම් ලබා ඇති අතර 2018 වසරේදී එම සංඛ්‍යාව සටහන්වූයේ මිලියන 4.1 ක් ලෙසයි.

2014 වසරේදී එය මිලියන 3.8 ක් ලෙස පැවතුණා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »