Search

මෙල්බන් ලාංකික සංගීත කණ්ඩායමකින් ඔස්ටේ්‍රලියාවේදී වාර්තාවක්

ඉංග්‍රීසී භාෂාවෙන් ගායනා කරන ගීතයක් ඔස්ටේ්‍රලියාව තුළදී එළි දක්වන ලද පළමු ශ්‍රී ලාංකික – ඔස්ටේ්‍රලියානු සංගීත කණ්ඩායම බවට මෙල්බන් සිටින Dynamics සංගීත කණ්ඩායම පත්වී තිබෙනවා.

සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත ඔවුන් ලාබාල වියේදීම සංගීත ක්ෂේත්‍රයට පිවිස මේ වනවිට වසර 09 කට ආසන්න කාලයක් ගතවි තිබෙනවා.

ගතවූ කාලය පුරා Dynamics විසින් විවිධ සංදර්ශන – විවාහ – රාත්‍රී සාද ආදිය සංගීතවත් කර ඇති අතර ජනප්‍රිය ශ්‍රී ලාංකික සංගීතවේදීන් සහ කලාකරුවන් සමග සම්බන්ධවෙමින් කටයුතු කර තිබීමද විශේෂත්වයක්.

ඔවුන් විසින් පෙරේදා දිනයේදී ‘Before it happens again’ යනුවෙන් නවතම ගීතයක් එළි දක්වනු ලැබුවා.

ශ්‍රී ලාංකික – ඔස්ටේ්‍රලියානු සංගීත කණ්ඩායමක් විසින් ඉංග්‍රීසී භාෂාවෙන් ගායනා කරන ගීතයක් ඔස්ටේ්‍රලියාව තුළදී එළි දක්වන ලද පළමු අවස්ථාවද එය වීම විශේෂත්වයක්.

බලාපොරොත්තුවෙන් සහ ආත්ම විශ්වාසයෙන් යුත් සියල්ලන්ට මෙම ගීතය පුද කෙරෙන අතර පසුගිය වසර කිහිපය පුරා අසීරු කාලයක් ගත කල සියල්ලන් වෙනුවෙනුයි එය නිර්මාණය කර ඇත්තේ.

ලෝකය නැවත අලංකාර ස්ථානයක් බවට පත් කිරීමද එහි තවත් අරමුණක් බව Dynamics සංගීත කණ්ඩායම සඳහන් කරනවා.

Dynamics Social Media : https://linktr.ee/dynamicsliveband?utm_source=linktree_profile_share&ltsid=bf1eecf3-f210-4896-b4e4-7265e3e1aafd

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »