Search

ඔස්ටේ්‍රලියාවේ සයිබර් ආරක්ෂණ රැකියාවක් ලේසියෙන්ම ගන්න ක්‍රමයක්

දිගින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාර හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ ඉහළ නිපුණතා සහිත සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ගේ දැඩි හිගයක් නිර්මාණය වී තිබෙනවා.

ඉදිරි වසර තුළදී ඔස්ටේ්‍රලියාවට අවශ්‍ය සයිබර් ආරක්ෂණ නිළධාරීන් සංඛ්‍යාව 3,000 ක් පමණ වනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

සාමාන්‍යයෙන් ඔස්ටේ්‍රලියාව තුළදී සයිබර් ආරක්ෂණ නිළධාරියෙකුට හිමිවන දළ වැටුප ඩොලර් 120,000 ක් පමණ වනවා.

2026 වසර වනවිට අවශ්‍ය සයිබර් ආරක්ෂණ නිලධාරීන් සංඛ්‍යාව සම්පූර්ණ කරගැනීම සඳහා විෂය භාර ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් විසින් ඊයේ දිනයේදී නව වැඩපිළිවෙලක්ද හඳුන්වාදෙනු ලැබුවා.

රජයේ මෙන්ම ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ඊට සහභාගී වී සිටීම විශේෂත්වයක්.