Search

ඔස්ටේ්‍රලියාවේ වඩාත් අවධානම් රැකියා හෙළි කෙරේ

රාජකාරි අතරතුරදී සිදුවූ අනතුරු හමුවේ ඔස්ටේ්‍රලියාවේදී 2021 වසරේ වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ රියදුරන් සහ යන්ත්‍ර ක්‍රියාකරුවන් බව අනාවරණ වී තිබෙනවා.

එයින්ද කෘෂිකර්ම – වන සංරක්ෂණ සහ ධීවර ක්ෂේත්‍ර කැපී පෙනෙන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

එම අංශවල පුද්ගලයන් 100,000 කට මරණ 10.4 ක් සටහන්වී තිබෙනවා.

එයින් සියයට 96 ක්ම පුරුෂයන් වීම විශේෂත්වයක්.

තරුණ පිරිස්වලට වඩා වැඩිමහල් පුද්ගලයන් විශේෂයෙන් අවුරුදු 55 ත් 64 ත් අතර පිරිස් රාජකාරි අවස්ථාවල අනතුරු හමුවේ මියයාම්වල වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරනු ලබනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම පිරිසක් මරණයට පත්වී ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වන අතර ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා 02 වන සහ 03 වන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් 2007 වසරේ සිට සැළකීමේදී ඔස්ටේ්‍රලියාව තුළ රැකියා ස්ථාන ආශ්‍රිත අනතුරුවල වසරින් වසර පහළයාමකුයි දක්නට ලැබෙන්නේ.

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »