ඔස්ටේ්‍රලියාව ලබන වසරේදී ආර්ථික අවපාතයක ?

ඔස්ටේ්‍රලියාව ලබන වසරේදී ආර්ථික අවපාතයක් දක්වා ගමන් කරනු ඇති බවට ඩොයිෂ් බැංකුව අනාවැකි පළකරනවා.

ඒ අනුව ලබන වසර අවසානය වනවිට මෙරට විරැකියා අනුපාතය සියයට 4.5 ක් දක්වා ඉහළ යනු ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ෆෙඩරල් සංචිත බැංකුව පුරෝකථනය කර ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය ලබන වසරේදීත් සියයට 3.7 ක් වැනි පහළ අගයක පවතිනු ඇති බවටයි.

අඛණ්ඩව කාර්තු 02 කදී දළ දේශීය නිෂ්පාදිතය අවප්‍රමාණය වීම ආර්ථික අවපාතයක් ලෙස සළකනු ලබනවා.

ඔක්තෝබර් මාසයට අදාළ විරැකියා අනුපාත තොරතුරු අනිද්දා දිනයේදී සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »