ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන බැංකු 03 ක ගණුදෙනුකරුවන්ට වන්දි මුදලක් ලබාගැනීමට අවස්ථාවක් උදාවී තිබෙනවා.
ඒ පාරිභෝගික රක්ෂණ ක්‍රමවලට අදාළව පාරිභෝගිකයන් මිලියන ගණනක් වෙනුවෙන් නීතීඥ සමාගමක් විසින් පවරන ලද නඩුවකදී ඇති කරගත් එකගතාවයකට අනුවයි.
මේ අනුව කොමන්වෙල්ත් බැංකුව – ANZ බැංකුව සහ වෙස්ට්පැක් යන බැංකුවල සුදුසුකම් සහිත පාරිභෝගිකයන් විශාල පිරිසකට ඩොලර් මිලියන 126 ක මුදලක් බෙදී යාමට නියමිතයි.
කොමන්වෙල්ත් බැංකුව විසින් ඩොලර් මිලියන 50 ක මුදලක්ද – ANZ බැංකුව විසින් ඩොලර් මිලියන 47 ක මුදලක්ද – වෙස්ට්පැක් බැංකුව විසින් ඩොලර් මිලියන 29 ක මුදලක්ද මෙලෙස ලබාදෙනු ඇති.
ක්‍රෙඩිට් කාඩ් – පුද්ගලික ණය සහ රක්ෂණාවරණ ලබා ගැනීමේදී පොරොන්දුවූ ප්‍රතිපත්තිවලින් බැහැරව කටයුතු කල බවටයි මෙම නඩුව පවරා තිබුණේ.