Search

පිල් මාරුව ඇරඹේ – පොහොට්ටු 06 ක් සජිත් පිළට

පොදුජන පෙරමුණෙන් ඉවත්ව ස්වාධීනවූ කණ්ඩායමක් අද(14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය සමග සන්ධානගත වූහ.

ඒ අනුව,අනුර ප්‍රියදර්ශන යාපා,චන්දිම වීරක්කොඩි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රී කණ්ඩායම එලෙස සමගි ජන බලවේගය සමඟ එක් වූහ.

රට ගොඩනැගීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමට මෙලෙස එක්වීම පිලිබදව සිය කෘතවේදීත්වය පිරිනමන බවත්,

ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව සාමූහිකව,කටයුතු කිරීමට මේ එකමුතුව අතිශයින්ම වැදගත් බවත් විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.

“සෑහෙන කලක් කරන ලද සාකච්ඡා කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස එක්වු බවත්,ඉදිරියේදී ප්‍රබල බලවේගයක් ලෙස සමගි ජන සන්ධානය ගොඩනගන්නට දායකත්වය ලබා දෙන බවත් එහිදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසීය.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »