වික්ටෝරියානුවන්ට $ 235 ක සහනයක් – TAFE සරසවි සඳහා නව ගොඩනැගිලි

ලබන 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් තමා ජයගතහොත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට ඩොලර් 235 ක විදුලි බිල් ගාස්තු සහනයක් ලබාදීමට පියවර ගන්නා බව ප්‍රාන්ත විපක්ෂ නායක මැතිව් ගයි පවසනවා.

මාස 06 ක කාලයක් ආවරණය වන පරිදි එම සැපයුම් ගාස්තු සහනය ලබාදීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කලේ.

මේ හරහා වික්ටෝරියා ප්‍රාන්ත රජයට වසරකට දැරීමට සිදුවන මුදල ඩොලර් මිලියන 500 කට ආසන්නයි.

මේ අතර තමා යළි වික්ටෝරියා අගමැති ධුරයට පත්වුවහොත් TAFE සරසවි සඳහා ඩොලර් මිලියන 170 ක වටිනාකමින් යුත් නව ගොඩනැගිලි ඉදි කිරීමට පියවර ගන්නා බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියා.

Ballarat හි අද පෙරවරුවේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කලේ Sunbury ප්‍රදේශයේ නව TAFE සරසවියක් ඉදි කිරීමද ඒ අතර වන බවයි.

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »