අමෙරිකා ජනපති බයිඩ්න් ඔස්ටේ්‍රලියාවේ සංචාරයකට ?

ඔස්ටේ්‍රලියාවේ සංචාරයකට පැමිණෙන ලෙස අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න්ට ආරාධනාවක් සිදුකර තිබෙනවා.

කාම්බෝජයේ මේ දිනවල පැවැත්වෙන ජී-20 රාජ්‍ය නායක සමුලුවේදී දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකදීයි අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අමෙරිකා ජනාධිපතිවරයාට මෙම ආරාධනාව සිදුකර ඇත්තේ.

රුසියානු – යුක්රේන අර්බුදයේදී අමෙරිකාව සමග සමීපව කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අමෙරිකා ජනාධිපති බයිඩ්න් මෙහිදී ඔස්ටේ‍රලියාවට ස්තූතිය පළකර තිබුණා.

චීන අගමැතිවරයා සමග ඔස්ටේ්‍රලියා අගමැතිවරයා පැවැත්වූ සාකච්ඡාවටද ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙහිදී දැඩ අවධානයක් ලබාදී තිබීම විශේෂත්වයක්.

මේ අතර චීන – අමෙරිකා ජනාධිපතිවරුන් අතර හමුව අද පැවැත්වීමට නියමිතයි.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »