
ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ට මාසයකට වැඩි කාලයක් පිටියෙන් ඉවත්වීමට සිදු වී තිබෙනවා.
ඒ සිය මිතුරෙකුගේ නිවෙසේ මිදුලේදී ලිස්සා වැටීමෙන් ඇති වූ පාදයේ ආබාධයක් හේතුවෙන්.
උපන්දින සැමරුමක් වෙනුවෙන් පැවැති සාදයකට සහභාගි වූ 34 හැවිරිදි මැක්ස්වෙල් මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

ඔහු ඊයේ පාදයේ සැත්කමකට ද ලක් කර තිබුණා.
ඒ අනුව ලබන 17 වැනිදා සංචාරක එංගලන්ත පිල සමග ආරම්භ වන තරග 03 කින් සමන්විත එක්දින තරගාවලියෙන් ද ග්ලෙන් මැක්ස්වෙල් ඉවත් කර ඇතැයි ද වාර්තා වනවා.
