Search

NSW ෆාමසිවලටත් ඖෂධ තුණ්ඩු දෙන්න බලතල

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ෆාමසිවල සිටින ඖෂධ සංයෝජකයන්ටද අද සිට ඖෂධ තුණ්ඩු නිකුත් කිරීමට බලතල පවරා තිබෙනවා.

මූලික බෙහෙත් වට්ටෝරු පමණක් ඔවුන්ට නිකුත් කල හැකි අතර අධියර 03 ක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලට එන්නත් ලබාදීමද ඇතුළත්.

වෛදවරුන්ට ඇති අධික පීඩනය අවම කිරීම මෙහි අරමුණ බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සඳහන් කලේ.

අමතර පුහුණුවක් ලැබීමෙන් පසු පමණක් ඖෂධ සංයෝජකයන්ට මේ සඳහා අවසර හිමිවනු ඇති.

දෙවන අධියර ලෙස වසරක කාලයක් සමස්ත ප්‍රාන්තය පුරා නියමු ව්‍යාපෘතියක් සිදු කෙරෙන අතර 03 වන අධියර යටතේ අවධානම් අවස්ථා සඳහා ප්‍රතිකාර දීමටද ඔවුන්ට අවස්ථාව ලැබීමට නියමිතයි.

කෙසේවෙතත් වෛද්‍ය සංගම් විසින් මීට දැඩි විරෝධය පළකර ඇත්තේ ඖෂධ නියම කිරීමේ හැකියාව පවතිනුයේ වෛද්‍යවරුන්ට පමණක් බවට අවධාරණය කරමිනුයි.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »