වික්ටෝරියා මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද සිට

ලබන 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වනවා.

ලබන 25 වනදා දක්වා ඕනෑම දිනයකදී පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියි.

වික්ටෝරියා මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට තීරණය කර ඇති පුද්ගලයන් ලබන 23 වනදාට පෙර ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කල යුතුයි.

ඡන්දය ප්‍රකාශ කල හැකි ක්‍රම 03 ක් පවතින අතර පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීම / තැපෑලෙන් ඡන්දය භාවිත කිරීම හෝ මැතිවරණ දිනයේදී පෙරවරු 08 ත් පස්වරු 06 ත් අතර ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඒ අනුව අවස්ථාව පවතිනවා.

ෆෙඩරල් මැතිවරණයකදී මෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදීත් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වන අතර කිසියම් අයෙකු ඒ සඳහා කටයුතු නොකලහොත් දින 28 ක් ඇතුළත ඩොලර් 92 ක දඩයක් ගෙවිය යුතු වනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »