Search

බදු ගෙවීම පැහැර හරින ඔස්ටේ්‍රලියා ආයතන ගැන අනාවරණයක්

2020-21 මූල්‍ය වර්ෂය තුළදි ඔස්ටේ‍රලියාවේ පුද්ගලික ව්‍යාපාර අතුරින් 1/3 ක් පමණ නියමිත බදු ගෙවා නොමැති බව හෙළිකරගෙන තිබෙනවා.

ඔස්ටේ්‍රලියා බදු කාර්යාලය නිකුත් කර ඇති නවතම වාර්තාවක දැක්වෙන්නේ සළකා බලන ලද ආයතන 2468 ක් අතුරින් 782 ක්ම බදු ගෙවීම පැහැර ඇර ඇති බවයි.

මින් ඇතැම් ආයතන සඳහා බදු නොගෙවා සිටීමට සාධාරණ හේතු ඇතත් බහුතරයකට එය අදාළ නොවන බවයි බදු කාර්යාලය අවධාරණය කරන්නේ.

මින් ආයතන 113 ක් විසින් ගෙවීමට ඇති බදු මුදල් ප්‍රමාණයේ එකතුව ඩොලර් බිලියන 03 කට ආසන්න වී තිබෙනවා.

කෙසේවෙතත් 2019 වසරට සාපේක්ෂව 2020-21 මූල්‍ය වසරේදී එකතු කරන ලද බදු ප්‍රමාණය සියයට 20 ක් හෙවත් ඩොලර් බිලියන 11.4 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

සළකා බලන ලද ආයතන 2468 න් 1376 ක් ඩොලර් මිලියන 100 ට වඩා ආදායම ලබා ඇති ඒවා බවද සඳහන්.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »