
කොවිඩ් වසංගතයට පෙර කාලයට සාපේක්ෂව මෙම වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණිම සඳහා තමන්ගේ වීසා බලපත්‍ර අනුමත කර ගැනීමට සංචාරකයින් තුන් ගුණයකටත් අධික කාලයක් බලා සිට ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.
ලබන වසරේ ජූලි – සැප්තැම්බර් කාලය තෙක් මේ බලා සිටීමේ කාලයේ වෙනසක් ඇති වේ යයි නොසිතන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
පසුගිය ජුනි 01 වැනිදා සිට තාවකාලික සහ සංක්‍රමණ වීසා අයදුම්පත් මිලියන 2.8 කට ආසන්න ප්‍රමාණයක් සලකා බලා ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

මිලියන 1.5 කට අධික සංචාරක වීසා සහ 199,000 ක ශිෂ්‍ය වීසා මෙන්ම 43,000 ක temporary skilled වීසා අයදුම්පත් ඊට ඇතුළත්.
කෙසේවෙතත් සංචාරක වීසා සහ ව්‍යාපාරික වීසා යන දෙඅංශයෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංඛ්‍යාව තවමත් කොවිඩ් ආරම්භයට මට්ටම්වලට වඩා බෙහෙවින් අඩු මට්ටමකයි පවතින්නේ.

2021/22 කාලයේදී පුද්ගලයින් 699,725 ක් පමණ ඔස්ට්‍රේලියාවට සංචාරකයින් ලෙස පැමිණි නමුත් 2018/19 දී එය ලක්ෂ 65 ක් ලෙස පැවතුණා.