Search

T20 ලෝක කුසලානය එංගලන්තයට

පකිස්ථානය කඩුලු 05 කින් පරාජය කරමින් එංගලන්තය විසින් 2022 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගනී.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි.

ඒ අනුව පිටියට පිවිස පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක  බාබර් අසාම් ලකුණු 32ක් රැස්කළේය.

පන්දු යැවීමේදී සෑම් කරන් කඩුලු 3ක් දවාගත්තේය.

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම  පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 5 දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්වුණි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් බෙන් ස්ටෝක්ස් නොදැවී ලකුණු 52 රැස් කළ අතර නායක ජොස් බට්ලර් 26ක් රැස් කළේය.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »