බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට 03 වන මගී පර්යන්තයක් ඉදි කිරීමට යෝජනා වී තිබෙනවා.
2032 වසරේදි පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරලිම්පික් තරගාවලි ඉලක්ක කරගෙනයි එය සැළසුම් කර ඇත්තේ.
බ්‍රිස්බන් ගුවන් තොටුපළ පාලනාධිකාරිය පවසන්නේ 2040 වසර වනවිට වසරකට මිලියන 50 ක පමණ ගුවන් මගීන් පිරිසක් බ්‍රිස්බන් ගුවන් තොටුපල භාවිත කරනු ඇති බවයි.
ඔවුන්ට පහසුකම් සැළසීම සඳහායි මෙලෙස 03 වන පර්යන්තයක් ඉදි කිරීමට සැළසුම් කර ඇත්තේ.
03 වන පර්යන්තය මුලුමනින්ම අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා වෙන් කිරීමටද යෝජනා වි තිබෙනවා.