සයිබර් අපරාධකරුවන්ට කප්පම් ගෙවිම නීති විරෝධි කරන්න යයි

සයිබර් අපරාධකරුවන්ට කප්පම් මුදල් ගෙවිම නීති විරෝධි කිරීම කෙරෙහි ඔස්ටේ්‍රලියාවේ අවධානය යොමුවී තිබෙනවා.

සයිබර් ආරක්ෂණ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ කප්පම් ගෙවීම හරහා සයිබර් අපරාධ තවත් ඉහළයාමක් මිස අඩුවීමක් සිදුනොවන බවයි.

සයිබර් ප්‍රහාරකයන් ඉල්ලා සිටි ඩොලර් මිලියන 15 ක කප්පම නොගෙවීමට මෙඩිබෑන්ක් විසින් ගත් තීරණයද ඇමතිනියගේ ප්‍රසාදයට ලක්වුණා.

මේ අතර

සයිබර් ප්‍රහාරවලට මුහුණදීම සඳහා ඔස්ටේ‍රලියානු ෆෙඩරල් රජය විසින් නව කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.

100 කට ආසන්න පිරිසක් ඊට අයත් වන අතර ඔස්ටේ‍රලියානු ෆෙඩරල් පොලිසිය සහ සයිබර් නියෝජිත ආයතනය සමග සමීපව කටයුතු කිරීමයි ඔවුන්ට පැවරී ඇති කාර්යය වන්නේ.

ඔප්ටස් සහ මෙඩිබෑන්ක් වැනි ආයතනවලට එල්ලවූ සයිබර් ප්‍රහාර වැනි සිදුවීම් මින් ඉදිරියට සිදුනොවීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග සහ පූර්ව ආරක්ෂණ විධි අනුගමනය මෙම කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා.

සයිබර් ප්‍රහාර වැළක්වීම පමණක් නොව ඒවාට සම්බන්ධ පුද්ගලයන් ලොව කුමන ස්ථානයක සිටියද ඔවුන් හඳුනාගෙන දැඩි නීතිමය පියවර ගැනීම ද තවත් අරමුණක්.

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය එල්ලකරනු ලැබ ඇත්තේ රුසියානු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් බවට සනාථ වී ඇතැයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.

ෆෙඩරල් පොලිස් කොමසාරිස් Reece Kershaw කියාසිටියේ ඔවුන් කුමන සංවිධානයකට සම්බන්ධදැයි හෙළිවි ඇතත් මෙම අවස්ථාවේ එය අනාවරණය නොකරන බවයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුසියානු විමර්ශන අංශවල සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කියාසිටියා.

ඒ අනුව ඔවුන් මෙරටට ගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කලේ.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »