LTTE හිතවාදීන් සිඩ්නි විරෝධතාවයක

එල් ටී ටී ඊ හිතවාදීන්ද ඇතුලු ශ්‍රී ලංකාවෙන් පළාවිත් සිටින සියලුම සරණාගතයන්ට ස්ථිර protection වීසා ලබාදෙන්නැයි ඉල්ලමින් සිඩ්නි නුවරදී විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

වත්මන් ලේබර් පක්ෂ රජය විසින්ද තම ඉල්ලීම් නොසළකා හැර ඇති බවටයි Sydney town hall අසල පැවති මෙම විරෝධතාවයට එක්වූවන් සඳහන් කර ඇත්තේ.

තම හිතවතුන් ඇතැමුන් වසර ගණනාවක් පුරා ඔස්ටේ්‍රලියාවේ විවිධ රැඳවුම් කඳවුරුවල රඳවා තබා ඇති බවටයි මොවුන් චෝදනා කර සිටින්නේ.

ලබන 29 වනදා කැන්බරා නුවරදී තවත් විරෝධතාවයක් පවත්වන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

මෙම පිරිස එල් ටී ටී ඊ ධජ සහිතව විරෝධතාවයේ නිරතවීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය අවධාරණය කරන්නේ අනවසර සංක්‍රමණිකයන් ඔවුන් පැමිණි රටටම හරවා යැවීමේ ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නොමැති බවයි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »