කොවිඩ් සමයේ ප්‍රාන්ත සීමා සහ දේශ සීමා වසා තැබූ කාලවලදී අය කල කාමර කුළී ගාස්තු යළි ලබා දෙන ලෙස ඉල්ලමින් කැන්බරා හි විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් නීතිමය පියවර ගෙන තිබෙනවා.
Semester අවසානයේ දෙමව්පියන් බැලීම සඳහා තමන් වෙනත් ප්‍රාන්තයකට ගිය අවස්ථාවේදී ප්‍රාන්ත සීමා වසා දැමුණු බවත් පණවන ලද මහජන සෞඛ්‍ය නියමයන් අනුව තමන්ට යළි විශ්ව විද්‍යාලයට පැමිණිමට නොහැකි වූ බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.
අවස්ථා කිහිපයකදී තමන් travel exemption ඉල්ලා සිටියද ඒ සඳහා අවසර නොලැබුණු බවටත් මෙම පිරිස සිය නඩුවේ දක්වා ඇති බව සඳහන්.
එහෙත් විශ්ව විද්‍යාලය විසින් තම කාමර කුළිය නියමිත පරිදි අයකරගෙන ඇති බවටයි සිසුන් චෝදනා කරන්නේ.
ඇති කරගත් එකගතාවයට අනුව එය සිදුවුවද භාවිත නොකල කාමරයක් වෙනුවෙන් ගාස්තු අයකර ගැනීම සාධාරණ නොවන බවටයි සිසුන් චෝදනා කරන්නේ.
ඒ අනුව වැඩිපුර අයකල මුදල යළි තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම පිරිස නඩු පවරනු ලැබ තිබෙනවා.