Woolworths පාරිභෝගිකයන්ගේ Rewards points අතුරුදන්

තම Everyday Rewards points අතුරුදන් වී ඇති බවට පාරිභෝගිකයන් රැසක් සිදුකර ඇති චෝදනාව සම්බන්ධයෙන් Woolworths විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඇතැමුන් පවසා ඇත්තේ ඩොලර් සිය ගණනක් වටිනා තම Rewards points වෙනත් ප්‍රාන්තවලදී භාවිතයට ගෙන ඇතැයි දැනුම්දීම් ලද බවයි.

නත්තල් සමය වෙනුවෙන් භාණ්ඩ මිළදී ගැනීමේදී භාවිත කිරීමට සැලසුම් කර තිබූ Everyday Rewards points මෙලෙස වියදම් වීම සම්බන්ධයෙන් ඔවුන් විමතිය පළකර සිටිනවා.

ඇතැම් පාරිභෝගිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ ඩොලර් 250 ක් පමණ වටිනා තම Rewards points අහිමිවී ඇති බවයි.

මේ අතර Woolworths පවසන්නේ මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි.

කෙසේවෙතත් වල මුර පද (passwords) වහා වෙනස් කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටිනවා.

පාරිභෝගිකයන්ට අහිමිවූ වහා යළි ලබාදීමට පියවර ගන්නා බවද Woolworths අවධාරණය කරනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »