Search

වික්ටෝරියාවේ කොවිඩ් ආසාධිතයන් 63% කින් ඉහළට

පසුගිය දින හත තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන් 16,636 ක් වාර්තා වී ඇත.

එය පෙර සතියට වඩා 63% ක පමණ වැඩිවීමක් වන අතර මරණ සංඛ්‍යාව ද පසුගිය සතියේ පුද්ගලයින් 28 සිට මේ සතියේ 41 දක්වා ඉහළ ගියේය.

නව Omicron උප ප්‍රභේද XBB, BQ1.1 සහ B2 උප පෙළපත් වල ප්‍රජා සම්ප්‍රේෂණය පිළිබිඹු කරමින්, ඔස්ට්‍රේලියාව පුරා කොවිඩ් රෝගීන් වැඩි වෙමින් පවතී.

නව කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් ඔස්ට්‍රේලියාව දකින විට නව කොවිඩ් රැල්ලෙන් ආරක්ෂා වීමට ඔබට කළ හැකි කරුණු තුනක් ඇත.
ඒවා පහත පරිදි වේ:
  1. සුදුසුකම් ඇත්නම් ඔබගේ තුන්වන සහ සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාවන් ඇතුළුව ඔබගේ කොවිඩ් එන්නත්කරණය යාවත්කාලීන කරගන්න.
  2. ගෘහස්ථ පොදු ස්ථානවලදී හෝ ජනාකීර්ණ ස්ථානවලදී හෝ මුව ආවරණ පළඳින්න.
  3. ඔබ කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කර ඇත්නම් හෝ රෝග ලක්ෂණ පහව යන තෙක් සුවයක් ලබා නොමැති නම් හෝ නිවසේ රැඳී සිටින්න.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »