Search

T20 ලෝක ශූරයන් තේරීම අද මෙල්බන් හිදී

පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද රාත්‍රී 07 ට මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

ඒ පකිස්ථානය සහ එංගලන්තය අතරයි.

මේ අතර මෙල්බන් හිදී පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවනු ඇති බවට අනාවැකි පළවනවා.

කාලගුණ වාර්තාවල දැක්වෙන්නේ අවසන් තරගය පැවැත්වෙන අද  දිනයේදී මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීමේ සම්භාවිතාව සියයට 90 ඉක්මවා සටහන් වන බවයි.

මේ අනුව යම් හෙයකින් අද දිනයේදී අවසාන මහා තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් එය හෙට (සඳුදා) පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නතර කිරීමට සිදුවුවහොත් ලබන සඳුදාහෙට තරගය  නතර කල තැන සිට යළි අරඹනු ඇති.

කෙසේ වෙතත් හෙට දිනයේදීත් මෙල්බර්න් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාව ඇද හැලීමේ සම්භාවිතාව සටහන් වන්නේ සියයට 80 ක් ලෙසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් තරගය සම්පූර්ණ කිරීම සඳහා අමතර පැය දෙකක කාලයක් එක් කිරීමටයි.

මෙම දින දෙකේදීම තරගය සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් මෙවර තරගාවලියේ සම ශූරයින් ලෙස පකිස්තානය සහ එංගලන්තය නම් කරනු ඇති.

පවතින තත්ත්වය සලකා අවසන් මහා තරගය වෙනත් ක්‍රීඩාංගණයකට ගෙන යන්නැයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇතත් සංවිධායකයින් පවසා ඇත්තේ ප්‍රවේශපත්‍ර අලෙවි කර අවසන් බැවින් එම ඉල්ලීම ඉවත දැමීමට සිදුවන බවයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »