
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට වසර 129ක සිර දඬුවම් නියම කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඔහුට මෙම දඬුවම හිමිව ඇත්තේ පිලිපීනයේ දීය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වීමෙන් අනතුරුව අදාළ ඔස්ට්‍රේලියානු ජාතිකයාට මෙම දඬුවම නියමකර ඇති බවය.

කෙසේ වෙතත් අදාළ දඬුවම හිමිවන විටත් ඔහු ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි අයෙකු වීම තවත් විශේෂත්වයකි.
මීට පෙර ද ඔහු සිර දඬුවමට ලක්ව ඇත්තේ බාලවයස්කාර දැරියන් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වීමෙන් අනතුරුවය.
