Search

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 කට දැඩි වර්ෂා කාළගුණයක්

වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 කට මෙම සති අන්තයේදී දැඩි වර්ෂා සහ අකුණු සහිත කාළගුණයක් බලපානු ඇති බවට අනාවැකි පළවනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් මෙන්ම ඇතැම්විට කුඩා ජල ගැලීම් පවා ඇතිවිය හැකියි.

හෙට (13) පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගයට පවා එමගින් බලපෑම් එල්ලවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

ජල ගැලීම් සඳහා මුහුණූදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැලි බෑග් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සූදානමින් තබා ඇති බවද සඳහන්.

අයහපත් කාළගුණයෙන් බලපෑම් එල්ලවිය හැකි අනෙක් ප්‍රාන්ත 02 වන්නේ ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ටේ්‍රලියාවයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »