සයිබර් ප්‍රහාරවලට මුහුණදීමට ඔස්ටේ‍රලියානු කාර්ය සාධක බලකායක්

සයිබර් ප්‍රහාරවලට මුහුණදීම සඳහා ඔස්ටේ‍රලියානු ෆෙඩරල් රජය විසින් නව කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා.

100 කට ආසන්න පිරිසක් ඊට අයත් වන අතර ඔස්ටේ‍රලියානු ෆෙඩරල් පොලිසිය සහ සයිබර් නියෝජිත ආයතනය සමග සමීපව කටයුතු කිරීමයි ඔවුන්ට පැවරී ඇති කාර්යය වන්නේ.

ඔප්ටස් සහ මෙඩිබෑන්ක් වැනි ආයතනවලට එල්ලවූ සයිබර් ප්‍රහාර වැනි සිදුවීම් මින් ඉදිරියට සිදුනොවීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග සහ පූර්ව ආරක්ෂණ විධි අනුගමනය මෙම කාර්ය සාධක බලකායට පවරා තිබෙනවා.

සයිබර් ප්‍රහාර වැළක්වීම පමණක් නොව ඒවාට සම්බන්ධ පුද්ගලයන් ලොව කුමන ස්ථානයක සිටියද ඔවුන් හඳුනාගෙන දැඩි නීතිමය පියවර ගැනීම ද තවත් අරමුණක්.

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය එල්ලකරනු ලැබ ඇත්තේ රුසියානු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් බවට සනාථ වී ඇතැයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.

ෆෙඩරල් පොලිස් කොමසාරිස් Reece Kershaw කියාසිටියේ ඔවුන් කුමන සංවිධානයකට සම්බන්ධදැයි හෙළිවි ඇතත් මෙම අවස්ථාවේ එය අනාවරණය නොකරන බවයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුසියානු විමර්ශන අංශවල සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කියාසිටියා.

ඒ අනුව ඔවුන් මෙරටට ගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කලේ.

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »