සිඩ්නි වරායට ආ නෞකාවේ 800 කට කොවිඩ්

සිඩ්නි වරායට සේන්දු වී ඇති Majestic Princess නෞකාවේ 800 කට වැඩි පිරිසකට කොවිඩ් ආසාධනය වී ඇතැයි අනාවරණ කරගෙන තිබෙනවා.

මගීන් 3,000 ක් සහ කාර්ය මණ්ඩලයේ 1,000 කට වැඩි පිරිසකින් යුතුවයි මෙම නෞකාව පැමිණ ඇත්තේ.

මේ අනුව මෙම නෞකාවට ඉහළම කොවිඩ් අවධානම වන Tier 3 මට්ටමේ අනතුරු ඇගවීමක් නිකුත් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ආසාධිතයන්ගෙන් අති බහුතරයක් මගීන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සියලුම මගීන්ට නෞකාවෙන් නික්ම යාමට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කිරීමටද නියමිතයි.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »