වික්ටෝරියා කතුන්ට ඇන්ඩෲස්ගෙන් තෑග්ගක්

තවත් සති 02 කින් පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී ලේබර් පක්ෂය ජයගතහොත් ප්‍රාන්තයේ සියලුම කාන්තාවන්ට නොමිලයේ සනීපාරක්ෂක උපකරණ සහ ද්‍රව්‍ය සැපයීමට පියවර ගන්නා බවට අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

ඒ අනුව සනීපාරක්ෂක තුවා සහ උපකරණ නොමිළයේ ගත හැකි යන්ත්‍ර 1,500 ක් ප්‍රාන්තය පුරා ස්ථාන 700 කදී පිහිටුවීමට පියවර ගැනෙනු ඇති.

ඒ සඳහා ඩොලර් මිලියන 23 ක මුදලක් වෙන් කිරීමට නියමිත බවයි අගමැතිවරයා සඳහන් කලේ.

පොදු රෝහල් – TAFE – පුස්තකාල – දුම්රිය පොල සහ සංස්කෘතික මධ්‍යස්ථාන ආශ්‍රිතව ඒවා පිහිටුවීමට නියමිතයි.

මේ අතර ලබන 26 වනදා මැතිවරණයෙන් තමා ජයගතහොත් ඇල්ෆ්‍රඩ් රෝහල සංවර්ධනය වෙනුවෙන් ඩොලර් බිලියන 2.4 ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව විපක්ෂ නායක මැතිව් ගයි පවසනවා.

රෝහලට නව පිවිසුමක් ඇති කිරීමටද පියවර ගන්නා බවයි ඔහු සඳහන් කලේ.

නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා වත්මන් ඇන්ඩෲස් රජය වෙන් කර ඇති මුදලක් මේ සඳහා යොදා ගන්නා බවත් මැතිව් ගයි කියාසිටියා.

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුම් නිසා ප්‍රාන්තයේ නීති වෙනස් වෙන ලකුණු

සිඩ්නි හි ප්‍රදේශ දෙකක සිදු වූ පිහි ඇනුම් භයානක ප්‍රවණතාවක් බව බටහිර ඔස්ට්‍රේලියාවේ නීතිපති ජෝන් ක්විග්ලි අනතුරු අඟවනවා.

Read More »