ගාස්තු වැඩි කරන්න Australia Post ට අවසර

ජනවාරි පළමුවනදා සිට ලිපි සහ පාර්සල් ගාස්තු ඉහළ දැමීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් Australia Post වෙත අවසර දී තිබෙනවා.

ඒ අනුව දැනට ඩොලර් 1.10 ක් ලෙස පවතින කුඩා ලිපියක් යැවීමේ ගාස්තුව ඩොලර් 1.20 දක්වා ඉහළ යාමට නියමිතයි.

ග්‍රෑම් 125 ක උපරිමයකට යටත් වන විශාල ලිපියක් ශත 20 කින්ද ග්‍රෑම් 125 කට වැඩි ලිපියක් ශත 30 කින්ද මිළ වැඩි කිරීමටයි Australia Post විසින් අවසර ඉල්ලා ඇත්තේ.

ඔස්ටේ‍රලියානුවෙකු වසරකට යවන ලිපි ප්‍රමාණය 15 ක් බවටයි තක්සේරු කර ඇත්තේ.

ඒ අනුව වසරකට ඔවුන්ට දැරීමට සිදුවන අමතර මුදල ඩොලර් 1.5 ක් බැවින් මෙම ගාස්තු ඉහළ නැංවීම ජනතාවට බරක් නොවන බවත් Australia Post පෙන්වා දෙනවා.

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »