
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගුරුවරුන්ට සියයට 06 ක වැටුප් වැඩිවීමක් ලබාදීමට යෝජනාවී තිබෙනවා.
90,000 කට ආසන්න ගුරුවරුන්ට ඉදිරි වසර 02 තුළදී මෙම වැටුප් වැඩිවීම ලබාදීමට නියමිත බවයි ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
මෙම වසර සඳහා සියයට 03 ක වැටුප් වැඩිවීමක්ද ලබන වසර සඳහා සියයට 03 ක වැටුප් වැඩිවිමක්ද ලෙසයි මෙ සමස්ත වැටුප් වැඩිවීම ලබාදීමට යෝජනා කර ඇත්තේ.

කෙසේවෙතත් වෘත්තිය සමිති විසින් එය ප්‍රතික්ෂේප කර ඇති අතර සියයට 12 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව ඔවුන් අවධාරණය කරනවා.
දැනට පවතින ගුරුවරුන්ගේ හිගය එමගින් තවත් උග්‍ර වනු ඇති බවට ඔවුන් අනතුරු අගවනවා.

ඔක්තෝබර් 10 වනදා වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල් 1,262 ක පූර්ණ කාලීන ගුරුවරුන්ගේ රැකියා පුරප්පාඩු 2,458 ක් පැවති බව සඳහන්.