Search

තරගාවලියේ වීරයා ලැයිස්තුවට වනිඳුත්

මෙවර ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ගේ නම ද ඇතුළත් වී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රීඩකයින් 09 දෙනෙකු නිර්දේශිත නාම අතරට ඇතුළත් කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ එම ක්‍රීඩකයින් වෙත මනාපය පළ කිරීමේ අවස්ථාව ඊයේ සිට ප්‍රේක්ෂකයින්ට හිමිවනවා.

වනිඳු හසරංගට අමතරව එංගලන්ත ක්‍රීඩකයින් වන ජොෂ් බට්ලර්, ඇලෙක්ස් හේල්ස් සහ සෑම් කරන්, ඉන්දීය ක්‍රීඩකයින් වන විරාත් කෝලි හා සූර්යකුමාර් යාදව්, පාකිස්තාන ක්‍රීඩකයින් වන ශඩාබ් ඛාන් හා ෂහීන් අෆ්රිඩි මෙන්ම සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා තරගාවලියේ වීරයා සම්මානයට නිර්දේශ වූවන් අතරට අයත්.

පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටින වනිදු හසරංග මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා ද වනවා.

ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් ඇතුලු තානාපතිවරු රැසක් යළි ශ්‍රී ලංකාවට කැඳවයි

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් කිහිපයක මහ කොමසාරිස්වරු සහ තානාපතිවරු රැසක් ‍යළි ශ්‍රී ලංකාවට කැඳවයි ශ්‍රී ලංකා විදේශ සේවයේ නොවන මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් 15 දෙනෙකු යළි දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

Read More »

ප්‍රමුඛ පෙලේ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල කිහිපයක පාඨාමාලා ගාස්තුවල වෙනසක්

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල කිහිපයකම ජාත්‍යන්තර සිසුන්ගේ පාඨමාලා ගාස්තු වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »