ඩයනා අද රෑ රටින් යන්න හදලා – විදෙස් තහනමක් පැණවෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ විදේශ ගමන් මේ මස 17 වනදා දක්වා තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් නියෝගයක් නිකුත් කළේය.

නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥවරුන් පිරිසක් විසින් ගොනු කළ මෝසමක් සලකාබැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

එම මෝසම අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන් කර සිටියේය.

එසේ තිබියදී ඩයනා ගමගේ මහත්මිය අද රාත්‍රියේ රටින් පළායෑමට නියමිත බවට නීතිඥ ප්‍රජාව වෙත ඉතා විශ්වාස කටයුතු තොරතුරු ලැබී ඇති බවත් එසේ ඇය විදේශගත වුවහොත් එම පරීක්ෂණය සම්පූර්ණයෙන්ම යටපත් වනු ඇතැයි ද නීතිඥ වන්නිනායක මහතා පෙන්වා දී තිබුණි.

එබැවින් කෙටි කාලයක් සඳහා ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥ වන්නිනායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා සඳහන් කළේ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් තොරව මෙම නියෝගය නිකුත් කිරීම අපහසු බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ වන්නිනායක මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැමිණෙන විට ඩයනා ගමගේ මහත්මිය විදේශගතවී සිටිනු ඇති බවය.

එවිට මෙම නඩු කටයුත්තෙන් ප්‍රයෝජනයක් නොවනු ඇති බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර ඇත.

එබැවින් කෙටි කාලයකට තාවකාලික විදේශ ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා සිටි නීතිඥ වන්නිනායක මහතා, අවශ්‍ය නම් ඇයට අධිකරණයට පැමිණ කරුණු දක්වා එම විදේශ ගමන් තහනම ඉවත් කරගැනීමට හැකියාව තිබෙන බවත් සඳහන් කර තිබේ.

එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නීතිඥවරුන්ට ප්‍රකාශ කළේ මෙම කාරණය පිළිබඳව දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ කරුණු සනාථ කරන ලෙසය.

ඒ අනුව නීතිඥ තුසිත ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් පදනම් කරගෙන නීතිඥ වන්නිනායක මහතා කරුණු ඉදිරිපත් කර ඇත.

එම කරුණු සලකාබැලීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »