
2022-23 හෝල්ට් කොට්ඨාශ ස්වේච්ඡා ප්‍රතිපාදන වැඩසටහන (2022-23 Holt Volunteer Grants program) යටතේ Ausලංකා ටී වී සමාජ මෙහෙවර ඇගයීමට ලක්වුණා.
ඒ ප්‍රජාව වෙනුවෙන් ඉටු කරන ලද ස්වේච්ඡා වැඩපිළිවෙල ඇගයීමට ලක් කරමිනුයි.
හෝල්ට් ලේබර් පක්ෂ මන්ත්‍රීනී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු විසිනුයි Ausලංකා TV ප්‍රධාන විධායක නිළධාරී ඇතුලු කාර්ය මණ්ඩලය වෙත මෙම ප්‍රදානය සිදුකරනු ලැබුවේ.

වික්ටෝරියා ඇතුලු සමස්ත ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් Ausලංකා TV ඉටු කරන සේවාව මෙහිදී ඇගයීමට ලක්වුනා.
ලාංකිකයන් වෙනුවෙන් උණුසුම් ප්‍රවෘත්ති – විනෝදාස්වාදය – කාලීන තොරතුරු ඇතුලු සියල්ල සමගින් ඉදිරියටත් කැපවීමෙන් සේවය සැපයීමට Ausලංකා TV සුදානම්…
