2020 විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍රය බවට නවසීලන්තය​​ පත් වෙද්දී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සඳහා හිමි වන ස්ථාන මෙන්න​.

2020 විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ලොව බලගතුම විදේශ ගමන් බලපත්‍රය බවට නවසීලන්තය​​ පත් වෙද්දී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සඳහා හිමි වන ස්ථාන මෙන්න​.

Here are the places for  Australia and Sri Lanka as New Zealand holds the most powerful passport in the world according to the 2020 Passport Index.

2020 කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ සියලුම රටවලට පෙර නොවී විරූ වසරක් බවට පත්ව ඇත. සංචාරක සීමා කිරීම් සහ දේශසීමා වසා දැමීම් හේතුවෙන් ජාත්‍යන්තර සංචලතාවයට සැලකිය යුතු බලපෑමක් ඇති වී තිබේ. කෙසේ වෙතත්, නවසීලන්ත විදේශ ගමන් බලපත්‍රය දැන් ලෝකයේ බලවත්ම විදේශ ගමන් බලපත්‍රය බවට විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගතකිරීම් වලට අනුව පෙනී යයි.

වීසා රහිත ලෝක සංචාර ප්‍රමාණය මත පදනම්ව විදේශ ගමන් බලපත්‍ර දර්ශකය විසින් විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරයි. එය රටවල් 193 ක ගමන් බලපත්‍ර සංසන්දනය කරයි. විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව, වර්තමාන ශ්‍රේණිගත කිරීම පහත පරිදි වේ:

  1. New Zealand (129)
  2. Australia, Germany, Austria, Luxembourg, Switzerland, Ireland, South Korea, Japan (128)
  3. Sweden, Belgium, France, Finland, Italy, Spain (127)
  4. Netherlands, Denmark, Portugal, Lithuania, Norway, Iceland, UK, Canada (126)
  5. Malta, Slovenia, Latvia (125)
  6. Czech Republic, Estonia, Greece, Poland, Hungary, Liechtenstein (124)
  7. Slovakia (123)
  8. Cyprus, Croatia, Monaco (121)
  9. Romania, Bulgaria (120)
  10. San Marino, Andorra, Uruguay (115)

නවසීලන්ත විදේශ ගමන් බලපත්‍රය මගින් පුරවැසියන්ට වීසා රහිත රටවල් 86 ක් සහ පැමිණීමේදී(on arrival)රටවල් 43 ක් වෙත ගමන් කළ හැකිය.

නවසීලන්තයෙන් පසුව, ඕස්ට්‍රේලියාවේ විදේශ ගමන් බලපත්‍රය ජර්මනිය, ඔස්ට්‍රියාව, ලක්සම්බර්ග්, ස්විට්සර්ලන්තය, අයර්ලන්තය, දකුණු කොරියාව සහ ජපානය සමඟ දෙවන ස්ථානයට පත්ව ඇත. ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් සමඟ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව රටවල් 85 කට සහ පැමිණීමේදී(on arrival) රටවල් 43 කට ගමන් කළ හැකිය.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව 65 වන ස්ථානයේ පසුවන අතර පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැතිව රටවල් 45කට සහ පැමිණීමේදී රටවල්32කට ගමන් කළ හැකිය.

වැඩි විස්තර​: https://www.passportindex.org/byIndividualRank.php

මිතුරා අහිමි වූ Molly ගැන තීරණයක් ගනී

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සුප්‍රසිද්ධ වූ පොල්කිච්චෙකු වනජීවී බලධාරීන් විසින් සිය භාරයට ගැනීමෙන් පසු එම සත්වයා රැකබලා ගත් හිමිකරුවන් වෙත යළි ලබා දීමේ ව්‍යාපාරයකට ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැතිවරයෙකු සහාය ලබා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

Read More »

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »