මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය එල්ලවී ඇත්තේ රුසියාවෙන්

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය එල්ලකරනු ලැබ ඇත්තේ රුසියානු සයිබර් ප්‍රහාරකයන් පිරිසක් විසින් බවට සනාථ වී ඇතැයි ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය තහවුරු කරගෙන තිබෙනවා.

ෆෙඩරල් පොලිස් කොමසාරිස් Reece Kershaw දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී කියාසිටියේ ඔවුන් කුමන සංවිධානයකට සම්බන්ධදැයි හෙළිවි ඇතත් මෙම අවස්ථාවේ එය අනාවරණය නොකරන බවයි.

අදාළ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුසියානු විමර්ශන අංශවල සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඔහු කියාසිටියා.

ඒ අනුව ඔවුන් මෙරටට ගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කලේ.

චූදිතයන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඉදිරි දිනවලදීත් සයිබර් ප්‍රහාරකයන් විසින් දත්ත මුදා හැරීම සිදුකරනු ඇති බවටද අගමැති ඇල්බනීස් අනතුරු අගවා සිටිනවා.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »