ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන සන්නිවේදන සමාගම් 03 කට $ මිලියන 33.5 ක වාර්තාගත දඩයක්

පොරොන්දු වූ අන්තර්ජාල වේග ලබාදීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන අන්තර්ජාල සැපයුම්කරුවන් 03 දෙනෙකුට ඩොලර් මිලියන 33.5 ක වාර්තාගත දඩයක් පණවා තිබෙනවා.

ඒ ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම හෙවත් විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ පණවන ලද නඩුවලට අනුවයි.

මේ අනුව Telstra සමාගමට ඩොලර් මිලියන 15 ක දඩයක්ද – Optus සමාගමට ඩොලර් මිලියන 13.5 ක දඩයක්ද – TPG සමාගමට ඩොලර් මිලියන 05 ක දඩයක්ද පණවනු ලැබ තිබෙනවා.

වෙන වෙනම ගොණුකල නඩු 03 කට ඔවුන් වරදකරුවන් බවට පත්වි ඇති බවයි ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම කියාසිටයේ.

පාරිභෝගිකයන්ට පොරොන්දු වූ අන්තර්ජාල වේග සීමා හැකි ඉක්මණින් ලබාදීමට පියවර ගන්නා ලෙසටද ෆෙඩරල් අධිකරණයක් විසින් මෙම සමාගම් 03 ටම නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඔවුන්ගෙන් වැඩිපුර අයකල මුදල් ලබාදෙන ලෙසටද නියම කර ඇති අතර ඒ අනුව පාරිභෝගිකයන් 120,000 කට පමණ එම මුදල් ලැබෙනු ඇති.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »