මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් හෙළිවෙයි

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය පිටුපස සිටින පාර්ශව සහ ඔවුන් කුමන රටක සිට ක්‍රියාත්මක වන්නේදැයි ඔස්ටේ්‍රලියානු බළධාරීන් සතුව තොරතුරු ඇතැයි අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඒ පිළිබඳ සියලු කරුණු අනාවරණය කරන්නැයි තමා ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිස් කොමසාරිස්වරයාට උපදෙස් දුන් බවයි අගමැතිවරයා සඳහන් කලේ.

චූදිතයන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවටත් අගමැතිවරයා සහතික වනවා.

ඇන්තනී ඇල්බනීස් මේ බව සඳහන් කරන්නේ මෙඩිබෑන්ක් පාරිභෝගිකයන්ගේ පුද්ගලික රහස් තොරතුරු අඛණ්ඩව 03 වන දිනයටත් සයිබර් ප්‍රහාරකයන් විසින් හෙළිකල පසුබිමකදීයි.

ඉදිරි දිනවලදීත් සයිබර් ප්‍රහාරකයන් විසින් දත්ත මුදා හැරීම සිදුකරනු ඇති බවටද අගමැති ඇල්බනීස් අනතුරු අගවා සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »