ලාංකිකයන්ට ඔස්ටේ්‍රලියාවේ රැකියා දෙන්න විස්තර ඉල්ලයි

ශ්‍රී ලාංකික පුරවැසියන්ට පුහුණු අවස්ථා හෝ රැකියා අවස්ථා සැපයිය හැකි, ඔස්ටේ්‍රලියාව තුළ දැනට ස්ථාපිත ලාංකික ආයතනවලින් තොරතුරු කැඳවා තිබෙනවා.

මෙල්බන් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය දන්වා සිටින්නේ වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා ප්‍රාන්තවල ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් – සංවිධානවලින් – සමාගම්වලින් සහ ආයතනවලට මෙම තොරතුරු ලබාදිය හැකි බවයි.

ශ්‍රී ලාංකිකයන්ට විදේශ රැකියා සහ පුහුණු අවස්ථා සැපයීමට අදාළව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය විසින් මේ දිනවල ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට සමගාමීවයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියාව තුළ ස්ථාපිත ලාංකික ආයතනවල නම – සම්බන්ධ කරගත හැකි පුද්ගලයන්ගේ තොරතුරු – සැපයිය හැකි රැකියා හෝ පුහුණු අවස්ථා සහ ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු මෙහිදී සැපයිය හැකි වනවා.

එසේ නොමැති නම් වෙනත් ප්‍රාන්තයක හෝ රටක ඇති ආයතනයක් පිළිබඳ කොන්සල් කාර්යාලය දැනුවත් කිරීමටද මේ හරහා අවස්ථාව පවතිනවා.

මේ පිළිබඳ සියලු විස්තර පහතින්:

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »