පළමු ලෝක යුද්ධය නිමාවීමේ 104 වන සංවත්සරය සමරමින් ඔස්ටේ්‍රලියානුවන් අද Remembrance Day සමරනු ලබනවා.
සෑම ප්‍රාන්තයකම ප්‍රධාන නගරවල ඒ සඳහා වන උත්සව පැවති අතර පෙරවරු 11 ට විනාඩියක නිහඩතාවයක් අනුගමනය කෙරුණා.
මෙවර මහජන ඒකරාශිවීමක් සඳහා අවසර දී තිබුණේ 2019 වසරෙන් පසු පළමු වරටයි.
Remembrance Day සමරමින් 11 වන මාසයේ 11 වන දින 11 වන පැයට මෙම විනාඩියක නිහඩතාවය අනුගමනය කිරීම ඔස්ටේ්‍රලියාව පුරා සිදුකරනු ලබනවා.
අගමැති ඇන්තනී ඇල්බනීස් සහභාගී වී තිබුණේ සිඩ්නි නුවර පැවති Remembrance Day උත්සවය සඳහායි.