
මියන්මාර ජාතිකයන් සඳහා Protection වීසා ලබාදීමේ ක්‍රමවේදය වේගවත් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
විවිධ වීසා බලපත් මගින් දැනට ඔස්ටේ්‍රලියාවට පැමිණ සිටින මියන්මාර ජාතිකයන් 800 කට වැඩි පිරිසක් Protection වීසා අයදුම් කර ඇති බව සඳහන්.
දැනට මියන්මාරයේ පවතින හමුදා පාලනය හමුවේ තමන්ට එහි වාසයට සුදුසු වාතාවරණයක් නොමැති බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

2021-22 කාලසීමාවේදී ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය විසින් මියන්මාර ජාතිකයන් වෙනුවෙන් නිකුත් කර ඇති Protection වීසා බලපත් සංඛ්‍යාව 1,600 කට අධිකයි.
මේ අතර වාර්ෂික Protection වීසා කෝටාව 50,000 දක්වා ඉහළ නංවන ලෙසටද මානව හිමිකම් සංවිධාන විසින් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයෙන් ඉල්ලා සිටිනවා.
