ඔස්ටේ්‍රලියාවේ විවාහ අඩුවෙයි – දික්කසාද වැඩිවෙයි

ඔස්ටේ්‍රලියාව තුළ විවාහ සංඛ්‍යාව පහළ ගොස් දික්කසාද සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

2019 වසරේදි දික්කසාද 48,852 ක් සිදුව තිබූ අතර 2020 වසරේදී එය 49,510 දක්වා වැඩිවී තිබුණා.

කෙසේවෙතත් 2021 වසරේදි මෙරට දික්කසාද සංඛ්‍යාව සියයට 13.6 කින් එනම් 56,244 දක්වා ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්තවල දැක්වෙන්නේ.

2021 වසරේදී ඔස්ටේ්‍රලියාව තුළදී ලියාපදිංචි කර ඇති විවාහ සංඛ්‍යාව 89,164 ක්.

එය 2019 වසරේදී සිදුකල විවාහ සංඛ්‍යාව වන 113,815 හා සැසඳීමේදී කැපී පෙනෙන පහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ විවාහ සංඛ්‍යාව සියයට 34.6 කින්ද නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියයට 31 කින්ද ලෙස විවාහ සංඛ්‍යාව අඩු වි තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »