ඔස්ටේ්‍රලියානුවන්ට 05 වන කොවිඩ් එන්නතක් ?

කොවිඩ් මර්දන 05 වන මාත්‍රාව සියලුම ඔස්ටේ්‍රලියානුවන්ට දීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිර්දේශයක් ලැබී නොමැති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

දරුණු ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත වැඩිහිටියන්ට පමණක් මෙම අවස්ථාවේදී එන්නත ලබාදීම වඩාත් සුදුසු බවයි දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියාව තුළ 04 වන කොවිඩ් රැල්ලක් සම්බන්ධයෙන් ප්‍රාන්ත කිහිපයක්ම මේ වනවිට අනතුරු අගවා තිබෙනවා.

ඒ අනුව එන්නත්කරණ ක්‍රියාවලිය නැවත වේගවත් කල යුතු බවටයි පාර්ශව කිහිපයක් අදහස් දක්වා තිබුණේ.

මේ අතර නැවත වරක් කොවිඩ් අවධානම ඉහළයාම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොවිඩ් අවධානම් පිළිබඳ අවවාදාත්මක තත්වයක් අද සිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අවස්ථා කිහිපයකදී මුව ආවරණ භාවිතය නැවතත් සිදුකල යුතු බවටයි නිර්දේශ නිකුත් කර ඇත්තේ.

සෞඛ්‍යයට සම්බන්ධ ස්ථානවල – දුරස්ථභාවය පවත්වාගෙන යා නොහැකි ගෘහස්ථ කටයුතුවල සහ පොදු ප්‍රවාහනයේදී එම රෙගුලාසිය බලාත්මකයි.

වයස්ගත හෝ අවධානම් සෞඛ්‍ය තත්වයේ පසුවන්නන් / කොවිඩ් ආසාධිතයන් සමග සමීව කටයුතු කල පුද්ගලයන් මෙන්ම මෑතකදී වැඩි වේලාවක් රෝහල්තුළ කාලය ගත කල පුද්ගලයන්ද මෙම උපදේශයට යටත්.

සිය නිවසෙහි කොවිඩ් ආසාධිතයෙකු සිටී නම් දින 02 කට වරක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසටද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.

කෙසේවෙතත් සාමාන්‍ය පරිදි රැකියා කටයුතුවල නිරතවිය හැකි බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය අවධාරණය කර සිටින්නේ.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »