ඔස්ටේ්‍රලියානු වැඩබිම් නීති සංශෝධන පණත් කෙටුම්පත ෆෙඩරල් පාර්ලිමේන්තුවේදි සම්මත වී තිබෙනවා.
වැටුප් සම්බන්ධයෙන් සේවා යෝජකයන් සමග තීරණවලට එළැඹිමේදී සේවකයන්ට එමගින් වැඩි බලතල හිමිවීම විශේෂත්වයක්.
සෙනෙට් සභාවේදී ද සම්මත වුවහොත් මෙම පණත් කෙටුම්පත නීතියක් ලෙස බලාත්මක වනු ඇති.
කෙසේවෙතත් සේවා යෝජකයන් බහුතරයක් මෙම කෙටුම්පතට විරෝධය පළකර ඇත්තේ එමගින් ඔවුන්ට ඇති බලතල අඩුවන බවට චෝදනා කරමිනුයි.
මේ අතර පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී ලේබර් පක්ෂය විසින් ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වන ජාතික දූෂණ මර්දන කොමිසමට අදාළ නීතිය නත්තල් සමයට පෙර සම්මත කරගන්නා බවට ලේබර් පක්ෂය සහතික වනවා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලින් සමන්විත කමිටුවක් විසින් ඊයේ දිනයේදී ඊට අනුමැතිය ලබාදී තිබුණා.