Search

ඉක්මණින් සළකා බලන Skilled Visa හෙළිකෙරේ

ඉතා ඉක්මණින් සළකා බලන ප්‍රමුඛතාවය දෙන Skilled වීසා අයදුම්පත් කවරේදැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ ආශ්‍රිතව ඇති වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛත්වය හිමිවනු ඇති.

ඔස්ටේ්‍රලියාවෙන් පිටත සිට යොමු කරන ලද ස්ථිර සහ තාවකාලික වීසා අයදුම්පත් සම්බන්ධයෙන් ද ප්‍රමුඛත්වය දෙන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

විදේශීය සේවකයින් බඳවා ගැනීමට අපේක්ෂා කරන සුළු පරිමාණ ව්‍යාපාරවලට උපකාර ලබාදීමටද නියමිතයි.

එය සියලූ වෘත්තීන් සඳහා වීසා අයදුම්පත් සැකසීම වේගවත් කරන අතර එම ක්‍රියාවලිය සරළ කරවන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මෙම වසරේ ජුනි 01 වනදා සිට වීසා අයදුම්පත් 278,000 කට වැඩි ප්‍රමාණයක් සලකා බලා අවසන් කර තිබෙනවා.

ඊට temporary skilled වීසා අයදුම්පත් 43,000 කට අධික සංඛ්‍යාවක් සහ ස්ථිර skilled වීසා අයදුම්පත් 47,000 කට අධික සංඛ්‍යාවක් ඇතුළත්.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »