Search

NSW හි පළමු නිවසට අනිද්දා සිට ගාස්තු සංශෝධනයක්

First home buyers

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස මුද්දර ගාස්තු නීතිය ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.

මේ අනුව අනිද්දා සිට නිවු සවුත් වේල්ස් හි පළමුවරට නිවසක් මිළදී ගන්නා අයට මුද්දර ගාස්තුව හෝ ඉඩම් බද්ද යන දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාව උදාවනවා.

ඉදිරි වසර 04 සඳහා ප්‍රාන්ත රජයට මේ වෙනුවෙන් දැරීමට සිදුවන පිරිවැය ඩොලර් මිලියන 728.6 ක්.

ඩොලර් මිලියන 1.5 ක උපරිම වටිනාකමක් සහිත නිවසක් හෝ ඩොලර් ලක්ෂ 08 ක උපරිම වටිනාකමක් සහිත ඉඩමක් සඳහා මෙය බලාත්මක වනු ඇති.

අනිද්දා සිට අයදුම් කල හැකි වුවද මෙය ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ ලබන ජනවාරි 16 වනදා සිටයි.

සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 1.5 ක් වටිනා නිවසක මුද්දර ගාස්තුව ඩොලර් 67,000 ක් පමණ වන අතර ඉඩම් බද්ද ඩොලර් 2,500 ක් පමණ වනවා.

ඩොලර් 860,000 ක් වටිනා ඉඩමක නිවසක මුද්දර ගාස්තුව ඩොලර් 34,000 ක් පමණ වන අතර වාර්ෂික ඉඩම් බද්ද ඩොලර් 800 ක් පමණ වනවා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »